෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

නිදහසේ අසිරිය අත් විදින්න...

කාටවත් යටත් නොවී ඉන්න FOSS පරිශීලකයකු ගේ නිදහස ඔබටත් අත්විදින්න කාලයයි මේ...

Latest

අපි නොදන්න ලිනක්ස් 2

ඔන්න මං ආයෙත් ආවා බොලං ලිනක්ස් ජුන්ඩකුත් ඇරං. අද කියාලා දෙන්ඩ යන්නේ නං Natty ට Gnome 3 දාන හැටි,හරි ලේසියි බොලං,

අර Terminal කටුව ඉස්සල්ලම open කොරහං,ඇයි කට ඇරං ඉන්නේ? Terminal එක දන්නැත්තං Super key (Win Key) එක ඔබලා ter ගහනකොට එයි
දැ ඉතිං මේවා කොටන්න තමා තියෙන්නේ,කම්මැලි නං ඉතිං කොපි පේස්ට් කරහං …

sudo add-apt-repository ppa:gnome3-team/gnome3  එන්ටර් ද ඩ්‍රැගන් කරනු

sudo apt-get update    එන්ටර් ද ඩ්‍රැගන් කරනු

sudo apt-get upgrade     එන්ටර් ද ඩ්‍රැගන් කරනු

sudo apt-get install gnome-shell    එන්ටර් එපා ද ඩ්‍රැගන් කරනු

දැන් වැඩේ ගොඩය, හා හා හරි හාවා කියලා දැං මැසිම රී ස්ටාර්ට් කරපිය බලං නොඉද. හරි දැං අර Password දෙන ලොගිං ඉස්කිරීන් එකෙන් Gnome කියන තොරන්ට Session එකෙං. දැං අන්න සබං කියලා Gnome 3 ලු…
ඔන්න Gnome 3 මගුලක් වගේ හිතෙනවා නං Terminal ගොයියට මෙන්න මෙහෙම කියහං

sudo ppa-purge ppa:gnome3-team/gnome3

ප්‍රොබ්ලම් සොල්ව්ඩ් ලු…

තව tip ටොප් TIP එකක් තියනවා බොලව්,  Ubuntu Update කරනවා නං හොදම වෙලාව තමා උදේ 6 ඉදං 8 වෙනකල්,පුල් ඉස්පීඩ් බොල ඒ වෙලාවට…

එහෙනං මම ගියා…

පස්සේ ලියමි, මං තුමා ආයේ මේ බොලොක්කේ ලියන්නේ UNHIDE CoDe group එකේ මේක පල උනා කියලා රමිදු අයියා කියපු නිසා.මෙහෙම වත් බලන්න උන්දැලා ඉන්නවනං මම ලියනවා කියාල මං හිතුවා.මෙතන ඉදං ආයේ කෙරුවාව කරනවා මං…

අපි නොදන්න ලිනක්ස් 1

ඔන්න ආයෙත් පාරක් අළුත්ම ලිනක්ස් ටියුටෝරියල් ටිකක් අරං පරාස්ස කොලුවා ආවා!

ඔන්න අද කියන්න යන්නේ Ubuntu වලට දාගන්න පුළුවන් ගින්දර tool එකක් ගැන.මේ කියන්නේ Ubuntu Tweak ගැනයි.ඉස්සල්ලාම කියන්නං මේක පට්ටම ටූල් එකක් ubuntu update එකේ තියාගන්නත් තමන්ට ඕනේ විදියට ubuntu customize කර ගන්නත්.මේකෙ inbuilt update manager එකකුයි software center එකකුයි තියනවා.මුළු සිස්ටම් එකම හරි අප්ඩේට් රිසෝසස් දෙන software වෙනම update කරන්නත් පුළුවන්.තව sturtup,desktop,system,personal settings ඕනේ තාලෙකට customize කරගන්න පුළුවන් මේක ගැන මම කියලා දුන්නොත් අගේ නෑ.කස්ටිය අරගෙන අත්හදා බැළුවොත් තමා හොද!

Ubuntu Tweak බාගන්න


ගැටළු  තියනවා නං හිතේ තියං ඉන්නැතුව අහනවා හොදයි!

Spes OS – එලිපත්තට එන්නයි ලැස්තිය(2011-05-01)

ශ්‍රී ලංකාවේ අලුත්ම Linux OS එක. අපි ඒකට Spes කියලයි නම දැම්මෙ. Spes කියන්නෙ
ලතින්-ඇමෙරිකන් වචනයක්,ඒකෙ තේරුම "අපේක්ෂාව(Hope)". FOSS වලට කැමති අයට වගේම
හා හා පුරා කියල Linux වලට බැස්ස අයටයි,බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි හැමෝම
වෙනුවෙන් තමයි මේ OS එක හදල තියෙන්නෙ.

Spes v1  2011-05-01 උණු උණුවෙම නිකුත් වෙනවා..............

වැඩි විස්තර දැනගන්න
https://www.facebook.com/home.php?sk=group_167419616638205&ap=1
http://spes-linux.blogspot.com/

ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 4

ඔන්න අළුත් අවුරුද්දේ පලවෙනි එපිසෝඩ් එක…

අද කියලා දෙන්න යන්නේ Terminal/Console එකෙන් කරන වැඩ කිඩ ටිකක්.

ඉස්සල්ලාම කියන්න  ඕනෙ නේ Terminal/Console කියන්නේ මොකද්ද කියලා.Terminal/Console කියනනේ Windows වල තියන Command Prompt එහෙමත් නැත්තම් cmd කියලා කියන එක.තේරුණැයි? ලිනක්ස් වල මුල් කාලේ මේ Terminal එකෙන් තමා ගේම ගෙනියලා තියෙන්නේ හරියට DOS වගේ.දැන් කස්ටිය කට ඇරන් බලන් ඉන්වා ඇති Windows වල නම් cmd විතරයි තියෙනේ ඇයි මූ මේ Terminal/Console කියලා 2ක් ගැන කියන්නේ කියලා.හිහ්හී ඇයි අමතකද ලිනක්ස් කිව්වාම ජාති හැටහුටාමාරක් තියනවා කියලා?ඇරත් මේක එක එක නම් වලින් තියනවා මොකද මේක වෙනමත් අරන් Install කරන්න තියන නිසා.මම දැකලා,මම දන්න විදියට නම් මේක Gnome වල Terminal හා KDE වල Console /Konsole විදියටයි එන්නේ.

හෝව් හෝව් කතාව track පනින නිසා නවත්තනවා,ෂරි ෂරි දැන් ගේමට එන්ටර් වෙමුකෝ.

Terminal/ Console ඕපන් කරන්නේ Application > Accessories හරි Applications > System Tools වලට ගිහිල්ලා.හා දැන් ඕවාට ගිහින් බලනවා මොකේද , මොකද්ද තියෙන්නේ කියලා.හරී හම්බුනා නේ?එළ

දැන් බලමු මේ අටමගලෙන් කරන්න පුළුවන් දේ.මම ඉස්සල්ලාම පොඩි Software කට්ටක් ඉන්ස්ටෝල් කරනවා එතකොට මට ඒක කරන ගමන් ගොඩක් දේ කියලා දෙන්න පුළුවන් නිසා.

http://www.winehq.org/download මෙන්න මේකට ගෙහුං තමංගේ එකට හරියන Wine එක බාගන්නකෝ.අලී දැන් ඒ බාගත්ත wine එක ඩෙස්ටොපේ ෆෝලඩර් කට්ටක් හදලා දාන්න.ඊට පස්සේ ඒ ෆෝලඩර් කට්ට රීනේම් කරන්න wine කියලා.දැන් අර copy කරපු wine file එක රයිට් ක්ලික් කරලා Extract Here කරන්න .සරි දැන් ඕපන් කරන්න Terminal/Console

*මෙතනින් කියලා දෙන්නේ Terminal/Console එකෙන් ෆෝලඩර් අතර ගමන් කරන විදිය.

ඔන්න Terminal/Console එක ඕපන් කරාම මෙන්න මේ වගේ..

Screenshot

terminal

 

 

දැන් ඒකේ “ls” කියලා Type කරලා Enter කරන්න(ls කමාන්ඩ් එකෙන් වෙන්නේ දැනට ඉන්න Directory එකේ තියන ෆෝල්ඩර් ලිස්ට් එක පෙන්නන එක,හරියට Windows වල dir කමාන්ඩ් එක වගේ).එතකොට මේ විදියට පෙන්නයි.

ls Screenshot

ls Screenshot

 

 

දැන් අපිට තියෙන්නේ Desktop ෆෝල්ඩරේට යන්න නේ.ඒකට කරන්න තීන්නේ cd Desktop කියලා ගහලා Enter කරන එක.

ඊළගට තියෙන්නේ ආයෙත් ls ගහලා යන්න ඕන ෆෝල්ඩරේ නම හොයාගන යන එක(අපේ වැඩේට නම් කරන්න තියෙන්නේ එකවැරම cd wine ගහලා  Enter කරන්න විතරයි.අර ls ගහලා කරන්න කිව්වේ වැඩි හොදට.).ආයේමත් ls ගහලා බලන්න අපි මුලින් අර wine ෆෝල්ඩරේ Extract කරපු එක තියනවද කියලා බලලා cd “foler_name ” type කරලා Enter කරන එකයි.උදා :- (cd wine.1.d.5.ddd)

දැන් මේවා එකින් එක ගහලා Enter කරාම එලට wine ඉන්ස්ටෝල් වෙයි එළකිරි වගේ.

./configure
make depend && make
sudo make install

දැන් wine හරිනේ,ඒ නිසා wine කතාව ඊළග එපිසෝඩ් එකට කල් දාලා Terminal/Console වැඩ ටිකක් කියලා දෙන්නං.

දැන් කස්ටියට අයිඩියා පාරක් එන්න ඇතිනේ Console/Terminal එකේ වැඩ කෙරෙන විදිය ගැන.ඔන්න පොඩි Usefull දේවල් ටිකක් කියලා දෙන්නම්කෝ.

 

ඩෙස්ක්ටොපේ ෆෝල්ඩරයක් හදමු
ඒකට කරන්න ඕනි   cd Desktop ගහලා ඩෙස්ක්ටොපේට ගිහිං

mkdir folder_name ගහල enter කරන එකයි.එතකොට error message එකක් ආවොත්  sudo mkdir folder_name ගහලා enter කරන්න(එතකොට suer password එක ඉල්ලයි , ඒක බය නොවී දෙන්න).

 

ඩෙස්ක්ටොපේ ෆෝල්ඩරයක් මකමු

සිම්පේල් නේ.කරන්න තීන්නේ

sudo rm –r folder_name ගහලා enter  කරන එක

 

ෆෝල්ඩරයක් රීනේම් කරමු

mv old_folder_name new_foder_name ගහලා enter  කරන එක

 

.sh ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරමු

අයියෝ බය උනාද?සිම්පල් නේ,මෙච්චරයි කරන්න තියෙන්නේග

sh /path/to/myScript.sh නැත්තම් sh file_name.sh ගහලා enter කරන එක.

 

tar.bz2 හා tar.gz ෆයිල් එකක් extract  කරන විදිය

tar -jxvf filename.tar.bz2

tar -zxvf filename.tar.gz


අදට ඇති නේ? ඊළග එපියෙන් ලිනක්ස් xp වලට හරව ගමු.

නමස්තේ!

 

ලිනක්ස් භාවිතා කරන්නේ පරිස්සමින්(දැනුවත් කිරීමක්)

ඔන්න පණ්ඩිතයාට කෙල උනි.මම මේ කියන්න යන දේ කවුරු හරි අත්විදලා තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඔබ ලිනක්ස් භාවිතා කරනවා නම් දන්නවා ඇති අනික් පාර්ටිෂන් Home folder එකේ Media කියන Folder එක ඇතුලේ තියන බව.හදිසියේ වත් ඒ folder එක හරි පිටින් ඉදලා හරි Delete  කරොත් මොකද වෙන්නේ කියලා?

අර අනික් පාර්ටිෂන් වල තියන DATA ඔක්කෝම Delete වෙනවා.

ෂෝයි නේ?මටත් ඊයේ ඕක උනා.මගේ තිබුණ සබ්බ සකලමනාවම මට නැති උනා.Recover කරත් ගොඩක් සාර්ථක උනේ නෑ.

කවුරු හරි Test Disk හරි PhotoRec හරි නැතුව ලිනක්ස් රිකවරි ගැන දන්නවා නම් කියන්න.

Post එක ලියන්න හිතක් නෑ.ඒ උනත් මම වැටුන වලේ කාටවත් වැටෙන්න දෙන්නත් බෑ.

 

“පිළිවෙලක් නැති Post එකක් ලිවීම සම්බන්ධයෙන් කණගාටුව පලකරනවා!”

%d bloggers like this: