෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 4

ඔන්න අළුත් අවුරුද්දේ පලවෙනි එපිසෝඩ් එක…

අද කියලා දෙන්න යන්නේ Terminal/Console එකෙන් කරන වැඩ කිඩ ටිකක්.

ඉස්සල්ලාම කියන්න  ඕනෙ නේ Terminal/Console කියන්නේ මොකද්ද කියලා.Terminal/Console කියනනේ Windows වල තියන Command Prompt එහෙමත් නැත්තම් cmd කියලා කියන එක.තේරුණැයි? ලිනක්ස් වල මුල් කාලේ මේ Terminal එකෙන් තමා ගේම ගෙනියලා තියෙන්නේ හරියට DOS වගේ.දැන් කස්ටිය කට ඇරන් බලන් ඉන්වා ඇති Windows වල නම් cmd විතරයි තියෙනේ ඇයි මූ මේ Terminal/Console කියලා 2ක් ගැන කියන්නේ කියලා.හිහ්හී ඇයි අමතකද ලිනක්ස් කිව්වාම ජාති හැටහුටාමාරක් තියනවා කියලා?ඇරත් මේක එක එක නම් වලින් තියනවා මොකද මේක වෙනමත් අරන් Install කරන්න තියන නිසා.මම දැකලා,මම දන්න විදියට නම් මේක Gnome වල Terminal හා KDE වල Console /Konsole විදියටයි එන්නේ.

හෝව් හෝව් කතාව track පනින නිසා නවත්තනවා,ෂරි ෂරි දැන් ගේමට එන්ටර් වෙමුකෝ.

Terminal/ Console ඕපන් කරන්නේ Application > Accessories හරි Applications > System Tools වලට ගිහිල්ලා.හා දැන් ඕවාට ගිහින් බලනවා මොකේද , මොකද්ද තියෙන්නේ කියලා.හරී හම්බුනා නේ?එළ

දැන් බලමු මේ අටමගලෙන් කරන්න පුළුවන් දේ.මම ඉස්සල්ලාම පොඩි Software කට්ටක් ඉන්ස්ටෝල් කරනවා එතකොට මට ඒක කරන ගමන් ගොඩක් දේ කියලා දෙන්න පුළුවන් නිසා.

http://www.winehq.org/download මෙන්න මේකට ගෙහුං තමංගේ එකට හරියන Wine එක බාගන්නකෝ.අලී දැන් ඒ බාගත්ත wine එක ඩෙස්ටොපේ ෆෝලඩර් කට්ටක් හදලා දාන්න.ඊට පස්සේ ඒ ෆෝලඩර් කට්ට රීනේම් කරන්න wine කියලා.දැන් අර copy කරපු wine file එක රයිට් ක්ලික් කරලා Extract Here කරන්න .සරි දැන් ඕපන් කරන්න Terminal/Console

*මෙතනින් කියලා දෙන්නේ Terminal/Console එකෙන් ෆෝලඩර් අතර ගමන් කරන විදිය.

ඔන්න Terminal/Console එක ඕපන් කරාම මෙන්න මේ වගේ..

Screenshot

terminal

 

 

දැන් ඒකේ “ls” කියලා Type කරලා Enter කරන්න(ls කමාන්ඩ් එකෙන් වෙන්නේ දැනට ඉන්න Directory එකේ තියන ෆෝල්ඩර් ලිස්ට් එක පෙන්නන එක,හරියට Windows වල dir කමාන්ඩ් එක වගේ).එතකොට මේ විදියට පෙන්නයි.

ls Screenshot

ls Screenshot

 

 

දැන් අපිට තියෙන්නේ Desktop ෆෝල්ඩරේට යන්න නේ.ඒකට කරන්න තීන්නේ cd Desktop කියලා ගහලා Enter කරන එක.

ඊළගට තියෙන්නේ ආයෙත් ls ගහලා යන්න ඕන ෆෝල්ඩරේ නම හොයාගන යන එක(අපේ වැඩේට නම් කරන්න තියෙන්නේ එකවැරම cd wine ගහලා  Enter කරන්න විතරයි.අර ls ගහලා කරන්න කිව්වේ වැඩි හොදට.).ආයේමත් ls ගහලා බලන්න අපි මුලින් අර wine ෆෝල්ඩරේ Extract කරපු එක තියනවද කියලා බලලා cd “foler_name ” type කරලා Enter කරන එකයි.උදා :- (cd wine.1.d.5.ddd)

දැන් මේවා එකින් එක ගහලා Enter කරාම එලට wine ඉන්ස්ටෝල් වෙයි එළකිරි වගේ.

./configure
make depend && make
sudo make install

දැන් wine හරිනේ,ඒ නිසා wine කතාව ඊළග එපිසෝඩ් එකට කල් දාලා Terminal/Console වැඩ ටිකක් කියලා දෙන්නං.

දැන් කස්ටියට අයිඩියා පාරක් එන්න ඇතිනේ Console/Terminal එකේ වැඩ කෙරෙන විදිය ගැන.ඔන්න පොඩි Usefull දේවල් ටිකක් කියලා දෙන්නම්කෝ.

 

ඩෙස්ක්ටොපේ ෆෝල්ඩරයක් හදමු
ඒකට කරන්න ඕනි   cd Desktop ගහලා ඩෙස්ක්ටොපේට ගිහිං

mkdir folder_name ගහල enter කරන එකයි.එතකොට error message එකක් ආවොත්  sudo mkdir folder_name ගහලා enter කරන්න(එතකොට suer password එක ඉල්ලයි , ඒක බය නොවී දෙන්න).

 

ඩෙස්ක්ටොපේ ෆෝල්ඩරයක් මකමු

සිම්පේල් නේ.කරන්න තීන්නේ

sudo rm –r folder_name ගහලා enter  කරන එක

 

ෆෝල්ඩරයක් රීනේම් කරමු

mv old_folder_name new_foder_name ගහලා enter  කරන එක

 

.sh ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරමු

අයියෝ බය උනාද?සිම්පල් නේ,මෙච්චරයි කරන්න තියෙන්නේග

sh /path/to/myScript.sh නැත්තම් sh file_name.sh ගහලා enter කරන එක.

 

tar.bz2 හා tar.gz ෆයිල් එකක් extract  කරන විදිය

tar -jxvf filename.tar.bz2

tar -zxvf filename.tar.gz


අදට ඇති නේ? ඊළග එපියෙන් ලිනක්ස් xp වලට හරව ගමු.

නමස්තේ!

 

Advertisements

7 responses

  1. රාළ

    අඩා කෑරෙයා.
    තෝ මොකද මේ පතරංග නාගයෙක් ඇරියේ ආයෙ බොලොග් ලියන්නේ නැතුවා කියලා….
    ඕන්න ආයෙ එහෙම යුද්දෙදි කුචු කවන්න ඔට්ටු නෑ හරී…..

    January 10, 2011 at 3:43 pm

  2. 🙂

    January 18, 2011 at 6:00 am

  3. අඩේ ලියාපිය තව linux ගැන, මට නම් ජනෙල් වහ වගේ බං. කරන්න දෙයක් නැති නිසා දාගෙන ඉන්නවා.

    February 18, 2011 at 12:43 pm

  4. ayya ara mohomod hutta dala tiyena post dakkada oya pakayata neethiyen monawath karanna barida

    February 22, 2011 at 3:08 am

  5. mae tikakath ballala innako ape ratata monawa wenna yanawada dan nae http://sinhalabuddhist.com/2011/02/money-note/

    February 22, 2011 at 3:09 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s