෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

Archive for April, 2011

අපි නොදන්න ලිනක්ස් 1

ඔන්න ආයෙත් පාරක් අළුත්ම ලිනක්ස් ටියුටෝරියල් ටිකක් අරං පරාස්ස කොලුවා ආවා!

ඔන්න අද කියන්න යන්නේ Ubuntu වලට දාගන්න පුළුවන් ගින්දර tool එකක් ගැන.මේ කියන්නේ Ubuntu Tweak ගැනයි.ඉස්සල්ලාම කියන්නං මේක පට්ටම ටූල් එකක් ubuntu update එකේ තියාගන්නත් තමන්ට ඕනේ විදියට ubuntu customize කර ගන්නත්.මේකෙ inbuilt update manager එකකුයි software center එකකුයි තියනවා.මුළු සිස්ටම් එකම හරි අප්ඩේට් රිසෝසස් දෙන software වෙනම update කරන්නත් පුළුවන්.තව sturtup,desktop,system,personal settings ඕනේ තාලෙකට customize කරගන්න පුළුවන් මේක ගැන මම කියලා දුන්නොත් අගේ නෑ.කස්ටිය අරගෙන අත්හදා බැළුවොත් තමා හොද!

Ubuntu Tweak බාගන්න


ගැටළු  තියනවා නං හිතේ තියං ඉන්නැතුව අහනවා හොදයි!

Advertisements

Spes OS – එලිපත්තට එන්නයි ලැස්තිය(2011-05-01)

ශ්‍රී ලංකාවේ අලුත්ම Linux OS එක. අපි ඒකට Spes කියලයි නම දැම්මෙ. Spes කියන්නෙ
ලතින්-ඇමෙරිකන් වචනයක්,ඒකෙ තේරුම "අපේක්ෂාව(Hope)". FOSS වලට කැමති අයට වගේම
හා හා පුරා කියල Linux වලට බැස්ස අයටයි,බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි හැමෝම
වෙනුවෙන් තමයි මේ OS එක හදල තියෙන්නෙ.

Spes v1  2011-05-01 උණු උණුවෙම නිකුත් වෙනවා..............

වැඩි විස්තර දැනගන්න
https://www.facebook.com/home.php?sk=group_167419616638205&ap=1
http://spes-linux.blogspot.com/