෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

අනං මනං

මගේ ජනෙල් හතේ වීදුරු කුඩු කිරීම (වින්ඩෝස් 7 වලින් Kubuntu 10.10 වලට)

අමාරුවෙන් අමාරුවෙන් ඔන්න මම ආයෙත් Post කට්ටක් ලියන්න පටන් ගත්තා.අද මම ලියන්න යන්නෙ මගේ 2නි Linux ආගමනය ගැනයි.ඉස්සර ඉස්කෝලේ යන දවස් වල ආව නරක ආරංචියක් නිසා තමා රාLa ඒක්ක Mandriva 2008 ඒක්ක Linux වලට බැස්සෙ. රාLaයා කොහෙන්ද මන්දා උස්සගෙන ආපු ඒ වටිනා කියන DVD ඒකේ තිබුනා KDE හා Gnome කියන අටමගල් 2ම.දැන් දැනගත්තට පණ්ඩිතයා වගේ ඒකාලෙ ඕවා දන්නවා කියලෑ?ඉතින් අපේ කරුමෙට මම දැම්මා Gnome රාLa දැම්මා KDE. ඕං ඉතින් පහුවෙනිදා ඉදලා දෙන්නා ගහගන්නවා GUI 2ට (ඔය අස්සෙ මේ මුකුත් නොතෙරුනු දොම්බා හිතනවා ” යකෝ හදපු උන්ටවත් නැති අමාරුවක් නෙ මුන්ට තියෙන්නෙ කියලා “). කෝමින් කෝම අලි ටික දවසකින් මගෙ Linux උනන්දුව විතරක් නෙවේ රාLaත් ඒක්ක ගහගන්න තරම් ආසාවක් තිබ්බ Mandriva Gnome ඒකත් අයින් කරා (ඇයි කියලා අහන්න ඒපා,මමවත් තාම දන්නෑ).

කොහොමින් කොහොමින් හරි ආසාව තිබ්බට Linux වැඩේ මග ඇරුනා.මාසෙකට වගෙ කලින්

රාLa ට Call කරද්දි රාLa Ubuntu 10.10 දාලා.ඔන්න ඊට පස්සෙ මාව ආයිත් පිස්සෙක් උනා.රෑ තිස්සෙ බැනුම් අහගන මම Kubuntu 10.10 බෑවා(Kubuntu දාන්න රාLa ඒකාලෙ ඉදලම Try කොරා.හැබැයි බැරි උනා,හැබැයි දැම්මෙ නම් Ubuntu). රාLa කිව්ව විදියටම මම Kubuntu දාලා සිස්ටම් ඒක උඩ දිනය කරා (බය වෙන්න ඒපා මම කිව්වෙ System Update කරා කියලා ) .හත්වලාමයි Restart වෙලා ඒද්දි මෙන්න System ඒකට කෙල වීලා?අනේ අපොයි උන වැඩක්!

ඊට පස්සෙ අද වෙනකල් Kubuntu දාන්න හම්බුනෙ නෑ කියහංකො. ඕං ඕන මගුලක් කියලා Kubuntu දැමිමා, දාලා System ඒක යාවත්කාලීන ඒහෙම කරා .මේ Kubuntu දාලා හැඩ ඒහෙම බලලා මේක ඔයාලා ඒක්ක බදාගන්න හිතුවෙ.

මේ මගෙ Desktop වල Screenshot ටිකක් (7 සහ Kubuntu )

windows 7 bootscreen ඒක

වැඩක් නෑ හතේ හත වදිනවා මේකට

kubuntu Boot Screen ඒක

windows 7 වලට වැලේ වැලුත් නෑ

windows 7 login ඒක

ලස්සනයි තමා

kubuntu login ඒක

7ට ඇපත් නෑ නේ?

7 Desktop ඒක

වීදුරු වගේ නේ?

Kubuntu Desktop ඒක

ජනෙල් 7 වීදුරු කුඩු නේද?

7 Flip ඒක

ලස්සනද නැද්ද?

kubuntu Flip ඒක වගේ ඒක

මේක ලස්සනයි නේද?

ආසයි නේ? කැමති නම් තව හොයන්න මෙතන කික් කරන්න

Kubuntu වල වැඩකරලා ආසාව සන්සින්දගන්නත් ඒපැයි මම අදට හිට්ටා,ඉක්මන්ට Set වෙමු හලී?

කොනිචිවා වේවා!


සිංහල Blogකරණයට කෑරයාවතරණය…

ඔන්න ඉතින් හා හා හරි හාවා කියලා කෑරයා අද (09.12.2010)සිංහල Blog Scene ඒකට බැස්සා.Katatonia පාරක් අහගෙනම මංගල Post ඒක කොටන්න පටන් ගත්තා.මුලින්ම මතක් කරන්න ඕනි මගේ මිත්‍ර “රාLa” & කරත්තකාරයා ව, මොකෝ :::රාLaගේ වියමන.::: & තිරික්කලය දැකලා තමා සිංහල Blog Scene ඒකේ අගේ තේරැණේ.අපිටත් මොකෝ කාට හරි උදව් ඕනේ නම් අතේ තියන තුට්ටුව හරි වියදම් කරලා ඒවැඩේ කරලා ඒනවා නේ. ඉතින් ඒකට හොදම මඟ තමා මේක.අනික Cover වෙන Rangeත් වැඩියි නේ.ඔන්න බයිලා ගහලා ඉවරයි.ඉක්මන්ට වැඩ පටන් ගන්නත් ඕනි.රෑත් උනා,මම අදට ගේම නවත්තනවා.

ඒහෙ නම් අරිගතෝ ගොසයිමස්!

ඉක්මන්ට ආයෙත් Set වෙමු