෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

Latest

ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 3

ඔන්න මම අද ඉදන් කියලා දෙන්න යන්නේ ලිනක්ස් වලට අරවා මේවා දාගන්න හැටි.ඔන්න ඉතිං කස්ටිය ආසයි නේද තමන් ගේ ඩෙස්ක්ටොපේ ගින්දර වගේ ලස්සනට තියා ගන්න?එළකිරි එහෙනම් අපි අද ඩෙස්ක්ටොපේට ගැජට් එහෙමත් නැත්තම් විජට් ඉන්ස්ටෝල් කරමු.

Ubuntu වලට වගේම අනික් Gnome ලිනක්ස් වලට ගැජට් එහෙමත් නැත්තම් විජට් ඔරිජිනලි එන්නේ නෑ.Gnome හදලා තියෙන්නෙ Mac OS එකට ගහන්න නිසා(Mac OS එකේ ගැජට් නෑ).ඒ නිසා Ubuntu වලට එක එක අය ගැජට් හදලා තියනවා. Screenlets , Gdesklets , Google Gadgets කියලා තියෙන්නේ මේවා තමා.

*ඉස්සල්ලාම PC එක Net එකට ගහලා කාරිය Applications මෙනුවට ගිහින් ඒකෙ යටම තියන Ubuntu Software Center ක්ලික් කරන්න.

*ඊට පස්සෙ එන වින්ඩෝ එකේ සර්ච් කරන්න තැනක් ඇති. ඒකේ තමන්ට ඕනෙ එක (Screenlets , Gdesklets , Google Gadgets ) කියලා ටයිප් කරන්න.

Software Center Screenshot එක

Software Center Screenshot එක

*එතකොට ඒක ඉන්ස්ටෝල් කරලා නැත්තම් ඉන්ස්ටෝල් කියලා තියෙයි නැත්තම් රිමූව් කියලා තියෙයි.එතකොට කරන්න ඕන දේ කියන්න ඕන නෑ නේ ?

*ඊට පස්සේ ඒක රන් කරන්න Screenlets , Gdesklets නම් Applications – Accessories වලටත් Google Gadgets නම් Applications – Internet වලටත් ගිහින් ක්ලික් කරාම හරි.

මේ පියවර නම් කරන්න ඔනි Google Gadgets දැම්ම ඈයෝ විතරයි.මොකද අනික් ගැජට් වගේ Google Gadgets ස්ටාර්ටප් එකේ රන් වෙන්නේ නැති නිසා හැම වෙලේම PC ඔන් කරලා Google Gadgets වෙනම රන් කරවන්න ඕනේ.

*ඉස්සල්ලාම System > Preferences > Startup Applications යන්න.ඉන් පස්සේ ඒකේ Add ක්ලික් කරලා එන වින්ඩෝ එකේ Name එකටයි Comment එකටයි කැමති දෙයක් දෙන්න Command එකට /usr/bin/ggl-gtk කියලා දෙන්න. එච්චරයි….

Screenshot එක...

Screenshot එක...

පුළුවන් ඉක්මන්ට මම ආයෙත් එනවා!

චාඕ

Advertisements

මාත් දැම්මා ලංකානෙට් ලිනක්ස් 3 (ගින්දර).

කස්ටිය බලනවා ඇති කෝ මු ලිනක්ස් දාන්න කියලා දුන්නා එදා ඉදලා ආගිය අතක් නෑ කියලා.නෑ නෑ වීරයා තාම මලේ නෑ.පොඩ්ඩක් කාරිය busy උනා ඒකයි.ඒකටත් හේතුව ලිනක්ස් ම තමා. මම ආයෙත් සිස්ටම් දැම්මානේ. දැන් මමත් සම්පූර්ණයෙන් ම දේශීය බොලව්!

මේ තමා ලිනක්ස් දාලා ලිනක්ස් වල ඉදන් ලියන පළමු Post එක….

මම මයික්‍රසොෆ්ට් භූතයාගෙන් අත්මිදිලා දැම්මා ලංකානෙට් ලිනක්ස් 3.ආයි කතා 2ක් නෑ එළමකිරි.ලංකානෙට් ලා ගෙන් ඉල්ලලා දවස් 10 ක් ගියෙ නෑ DVD එක ගෙදරටම එව්වා.ඒකෙ Ubuntu,Kubuntu,Lubuntu,Xubuntu ඔක්කම අන්තර්ගතයි. ඒනිසා ඕන වෙලාවක කිලික්ස් කිපයකින් අපිට GUI මාරුකරලා අළුත් අත්දැකීමක් ගන්න පුළුවන්.

ඒ වගේම Preinstalled 3rd Party මෘදුකාංග ගොඩක් තියන නිසා මුලින් ම ජනෙල් වලින් ලිනක්ස් වලට මාරු වෙන අයට තියන ගොඩක් ප්‍රශ්න නිරාකරණය වෙනවා.හැබැයි පුතේ ලේසියි කියලා දාලා කම්මැලි කමට නිකන් ඉන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලන්නත් ඕනි.

මෙන්න මගේ ලංකානෙට් ලිනක්ස් 3 වල Screen Shots ටිකක්

 

කැමති නම් try කරලා බලන්න මෙන්න ලින්ක් එක..

නෙට් නැත්තම් දුක් වෙන්න එපා.මෙතන්ට ගිහින් අයදුම් කරාම ගෙදරටම එවනවා


ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 2

පෙරේදා බුදු කට්ටක් කන්න උනානෙ මගෙ කුබුන්ටුවට සිංහල යුනිකෝඩ් දාගන්න. ඇත්තම කියනවා නම් යුනිකෝඩ් දැමිල්ල පට්ට ලේසි උනත් කීබෝඩ් ශිෆ්ට් කරන්න Language Bar වගේ දෙයක් නැති උන නිසයි ලොකුම අපහසුතාවයට පත් උනේ.වැඩක් නෑ කාපු පරිප්පුව නම් එවෙලාවෙ. ඒත් තාම වැඩේ අවුල් මොකෝ මට ඉස්කෝල පොත දාගන්න හම්බුනේ නෑ. මට අෂාන් සහෝදරයාව මතක්කරන්න ඕන හිරවෙලා කොරවෙලා ඉඳපු වෙලාවෙ දුන්න සප් එකට(අෂාන්ට ජය වේවා!).හපොයි මම වල් බූතනෙ කියවලා තියෙන්නෙ මෙච්චර වෙලා(අෂාන්ගෙ කොටස ඇර හරී?).

හොදයි දැන් ලිනක්ස් වලට එමුකෝ,

අද මම කියලා දෙන්නෙ තමන්ට හරියන ලිනක්ස් මාදිලිය තෝරගන්නෙ කොහොමද කියලා.

පියවර 01.

පලවෙනිම දේ තමා තමන්ගෙ ගර්ල්/බෝයි ගේ ප්‍රෆෝමන්ස් දැනගන්න එක(කලබල වෙන්ට එපා මම කිව්වෙ ඔබේ දයාබර පරිඝනකය ගැන).

පියවර 02.

ඊට පස්සෙ තෝරගන්න ඕනෙ තමන් වැඩ කරන්න කැමති ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එක.මූලිකව නම් තියෙන්නේ KDE හා Gnome කියන ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් තමා. ඒවා වෙනස් කරලා ජිල්මාට් දාලා හදපුවත් තියනවා.

පියවර 03.

කැමති ඒක තෝරගත්තට පස්සෙ කෙළියක් කරන්න තියනවා, ඒ තමා නෙට්ගත වෙලා දාගන්න ඕඒස් ඒකක් හොයාගන්න ඒක.පොඩි උදව්වක් විදියට මම ලින්ක් ටිකක් දෙන්නම්.

(මේ ක්‍රමය අමාරුයි දන්නෑ වගේනම් ලගම ලිනක්ස් දාලා ඉන්න එක්ස්පර්ට්ව අමතලා වැඩි විස්තර අහගන්න.)

ඔබ KDE දාන්න තීරණය කරානම්

http://www.kubuntu.org – Kubuntu

http://www2.mandriva.com – Mandriva KDE

http://fedoraproject.org/ – Fedora

http://en.opensuse.org/KDE – openSuse KDE

ඔබ Gnome දාන්න තීරණය කරානම්

http://www.ubuntu.com – Ubuntu

http://www2.mandriva.com – Mandriva Gnome

http://lankanet.org/ – Lankanet Linux (අපේ අනන්‍යතාවයෙන් දේශීය නිෂ්පාදනයක්)

http://en.opensuse.org/GNOME – openSuse Gnome

http://www.chromium.org/ – Google Chromium (මේක නම් නෙට් බේස්ඩ් එකක්,නෙට් නැත්තම් අනුමත කරන්නෙ නෑ)

පියවර 04.

ඔබ තෝරගත්ත ඕඒස් එක පාවිච්චි කරන කෙනෙක් හොයාගන්න.එයාගෙන් දාන්න පෙර අසා දැනගන්න ඕඒස් එක ගින්දරද කියලා.මොකෝ අම්මා කියලා තියනවා පනින්න පෙර වතුර සීතලද බලනු කියල. ඒකයි.

පියවර 05.

ඉස්සලා පෑන් ධාවකයකට ඕඒස් දාන්න පුලුවන්නම් මසුරං වටිනවා.එහෙම කරාම හිතට අල්ලනවානම් සිරාවටම සිස්ටම් දාන්න පුලුවන්නෙ.

පියවර 06.

ඔන්න හාහා හරි හාවා කියලා ඕඒස් දැම්මා කියලා හිතාගන්නකෝ. හා හා දැන් උඩපැනිල්ල නවත්තලා සිස්ටම් අප්ඩේට් වෙන්න දාන්න.( සිස්ටම් අප්ඩේට් වෙනකල් උඩබලාන ඉන්නැතුව දැම්ම කිරි ටොයියා භාණ්ඩෙ අතපත ගාන්න පටන්ගන්වා)

[නෙට් ඉතින් අපේ හැම යාළුවටම නෑනෙව.ඉතින් එයාලට කරන්න ඕන දේ මම ඉක්මන්ටම ලියනවා]

ඔන්න අදට වැඩ අහවරයි.ඊළග එපිසෝඩ් එකෙන් ඉක්මන්ටම Set වෙමු.

මම ගියා,ලිනක්ස් ටක්ස් ගේ  පිහිටයි!

ටක්ස් බබා වින්ඩෝස් උරාබීම... :P

ටක්ස් බබා වින්ඩෝස් උරාබීම... 😛

ලිනක්ස් වල ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට්

මූලිකවම ලිනක්ස් ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් KDE හා Gnome වශයෙන් වශයෙන් බෙදෙනවා.මේ දෙක අතර ප්‍රරධානම වෙනස තමා ඩෙස්ක්ටොප් එක ඩිවලොප් කරලා තියන විදිය.ඊට අමතරව ඉතින් පොඩි පොඩි වෙනස්කම් තියනවා. ඒවා එතරම් වැදගත් නොවුනත් අමතක කරන්න තරම් නොවැදගත් නෑ. ඒනිසා මම ඒවා වෙනම දවසක blog කට්ටෙ දාන්නම්කො.
1.Gnome

GNOME ලෝගෝ ඒක

GNOME ලෝගෝ ඒක

Gnome ඩෙස්ක්ටොප් ඒක

Gnome ඩෙස්ක්ටොප් ඒක

වැඩියෙන් හොයන්න ඕනෙනම් විකි සෙවුමක් දාන්නකෝ.
එකකෝ මෙතනට කික් කරව්වො නිකම්ම එයි!
2.KDE

KDE ලෝගෝ ඒක

KDE ලෝගෝ ඒක

KDE ඩෙස්ක්ටොප් ඒක

KDE ඩෙස්ක්ටොප් ඒක

වැඩියෙන් හොයන්න ඕනෙනම් විකි සෙවුමක් දාන්නකෝ.
එකකෝ මෙතනට කික් කරව්වො නිකම්ම එයි!

හරිම කුජීත කම්මැලි Post එකක් නේ? තරහා වෙන්න එපා, ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 2 ලියන්නත් එපැයි.
මම ඔන්න Full Stop එක තිබ්බා…
චෙරියෝ !

ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 1

ඔන්න පොරොන්දු උනා වගේ “ලිනකස් දන්නැත්තම් දැනගන්න” 1st Season ඒකේ 1st Episode ඒක අරගෙන ආවා.

ලිනක්ස් යනු?
ලිනක්ස් (Linux) (ග්නූ/ලිනක්ස් ලෙසද හැඳින්වේ) යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්රකකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්රොතසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕ. එස්. මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට ඉඩ සලසයි.
ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. නමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්රමචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්තකත්වයට හේතුවී ඇත.
(දැන් ලිනක්ස් ගැන පොඩි දැනුමක් ඒන්න ඇතිනෙ?)

දැනට භාවිතා වෙන ලිනක්ස් අනුවාද (Top 10 පිළිවෙලට සකසා ඇත)
1. Ubuntu (වැඩි විස්තර සඳහා කික් කරන්න)

උබුන්ටු ඩෙස්ක්ටොප් එක

උබුන්ටු ඩෙස්ක්ටොප් එක

2. Fedora (වැඩි විස්තර සඳහා කික් කරන්න)

ෆෙඩෝරා ඩෙස්ක්ටොප් එක

ෆෙඩෝරා ඩෙස්ක්ටොප් එක

3. Linux Mint (වැඩි විස්තර සඳහා කික් කරන්න)

ලිනක්ස් මින්ට් ඩෙස්ක්ටොප් එක

ලිනක්ස් මින්ට් ඩෙස්ක්ටොප් එක

4. openSUSE (වැඩි විස්තර සඳහා කික් කරන්න)

ඕපන් සුසේ ඩෙස්ක්ටොප් එක

ඕපන් සුසේ ඩෙස්ක්ටොප් එක

5. PCLinuxOS(වැඩි විස්තර සඳහා කික් කරන්න)

පීසී ලිනක්ස් ඕස් ඩෙස්ක්ටොප් එක

පීසී ලිනක්ස් ඕස් ඩෙස්ක්ටොප් එක

6. Debian (වැඩි විස්තර සඳහා කික් කරන්න)

ඩේබියන් ඩෙස්ක්ටොප් එක

ඩේබියන් ඩෙස්ක්ටොප් එක

7. Mandriva(වැඩි විස්තර සඳහා කික් කරන්න)

මැන්ඩ්‍රවා ඩෙස්ක්ටොප් එක

මැන්ඩ්‍රවා ඩෙස්ක්ටොප් එක

8. Gentoo (වැඩි විස්තර සඳහා කික් කරන්න)

ගෙන්ටූ ඩෙස්ක්ටොප් එක

ගෙන්ටූ ඩෙස්ක්ටොප් එක

9. Arch Linux(වැඩි විස්තර සඳහා කික් කරන්න)

ආර්ච් ලිනක්ස් ඩෙස්ක්ටොප් එක

ආර්ච් ලිනක්ස් ඩෙස්ක්ටොප් එක

10. Puppy Linux (වැඩි විස්තර සඳහා කික් කරන්න)

පපී ලිනක්ස් ඩෙස්ක්ටොප් එක

පපී ලිනක්ස් ඩෙස්ක්ටොප් එක

මේවගෙන් මම දාලා බලලා තියෙන්නේ Ubuntu, Kubuntu (Kubuntu කියන්නෙ Ubuntu ලාගෙ KDE අතුරු මුහුනත තියන OS ඒක ) , Mandriva විතරයි.

අමතක උනානෙ දැනට අපේ රටේත් ලිනක්ස් පද්ධති සංවර්ධනය කරගන යනවා. උදාහරණ වශයෙන් ලංකානෙට් ලිනක්ස්, හන්තාන , Fedora දක්වන්න පුලුවන්(නිකන් ඉන්න ගමන් මේවත් අරන් දාලා බලන්න හොදේ? මොකද අපිට සියරට දේ සිරිසැප දේ නේ. )

අදට මෙච්චරයි,මම කියල දුන්න දේවල අඩුපාඩු තියනවා නම් කරුණාවෙන් ඒවා පෙන්නලා දෙන්න.ලිපිය හොදයි නම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා!

ඉක්මන්ට දෙවනි කොටස අරන් ඒනවා

ඒතකන් ආඩියෝස් අමීගෝස් !

%d bloggers like this: